Lanka Rabbit News

Top Stories

Sri Lanka Rabbit. Theme images by kelvinjay. Powered by Blogger.

එක්සත් ජාතික පක්ෂ පූර්ණ ප්‍රතිසංවිධානය සඳහා පත්කෙරුණු දේශපාලන මණ්ඩලය අද (19) රැස්වීමට නියමිතව ඇත. මෙම කමිටුව අද (19) රැස්වෙන්නේ ද...

Sinhala Teledrama

NEWS

GOSSIP

h

HEALTH & BEAUTY

LIFE STYLE

Sex Education

එජාපයේ තනතුරු වෙනස ගැන තීන්දුව අද !



එක්සත් ජාතික පක්ෂ පූර්ණ ප්‍රතිසංවිධානය සඳහා පත්කෙරුණු දේශපාලන මණ්ඩලය අද (19) රැස්වීමට නියමිතව ඇත.

මෙම කමිටුව අද (19) රැස්වෙන්නේ දෙවැනි වතාවටය. 

ඒ අනුව පක්ෂයේ තනතුරු අද වෙනස් කෙරෙන අතර, එම තීරණය ලබන මැයි මස 06 දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මැයි රැලියේදී දැනුම්දීමට දේශපාලන මණ්ඩලය රැස්වෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදීය. 

පළාත් පාලන මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ සියලු තනතුරු වෙනස් කෙරෙන පූර්ණ ප්‍රතිසංවිධානයක් සඳහා මෙම කමිටුව පත් කෙරිණි.

හොරණ රබර් කර්මාන්ත ශාලාවේ කළමණාකරු අත්අඩංගුවට



හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක ඇමෝනියා අඩංගු ටැංකියකට වැටීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු මිය යාම සම්බන්ධයෙන් අදාළ කර්මාන්ත ශාලාවේ කළමණාකාරවරයා හොරණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

රටේ බලය පොහොට්ටුව අල්ලන බව බැසිල් කියයි



මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරියේදී රටේ පාලනය ශ්‍රී  ලංකා පොදු ජන පෙරමුණ විසින් ලබා ගන්නා බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

අද (19) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

එළවළු හා පලතුරු වගා කරන්න වවුනියාව ගොවීගේ විශාල උනන්දුවක්




වස විෂ නැති එළවළු හා පලතුරු වගා කිරීම සඳහා වවුනියාව දිස්ත්‍රික්කයේ ගොවීන් තුළ විශාල උනන්දුවක් ඇති බව වවුනියාව දිස්ත්‍රික් සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ වයි.යෝගේස්වරන් මහතා සඳහන් කරයි.

මීට වසර දෙකකට පෙර වවුනියාවේ ගොවීන් හතර දෙනෙකුගෙන් වස විෂ නොමැති එලවළු හා පලතුරු වගා කිරීම ආරම්භ කළද මේ වන විට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ගොවීන් 153 දෙනෙකු වගා කටයුතුවල නිරතව සිටින බව අධ්‍යක්ෂවරයා පවසයි.

මීට අමතරව වවුනියාවේ බෝගස්වැව ඇතුළු තවත් ප්‍රදේශ කිපයක පෞද්ගලික සමාගම් කීපයක් විසින් වස විෂ නොමැති එළවළු හා පලතුරු වගා කිරීමේ නිරතව සිටින බව පැවැසූ කෘෂිකර්ම සහකාර අධ්‍යක්ෂවරයා දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි ගොවීන්ගේ නිෂ්පාදන අලෙවි කරගැනීම සඳහා අලෙවි මධ්‍යස්ථාන කීපයක්ම පිහිටුවා ඇති බවද සඳහන් කළේය.

වස විෂ නොමැති එළවළු හා පලතුරු මිලදී ගැනීම සඳහා පාරිභෝගික ජනතාව දැඩි උනන්දුවක් දක්වන බවද ඔහු  වැඩිදුරටත් කියා සිටියේය. 

Deweni Inima Teledrama Sinhala Tele Drama Videos - 19-04-2018


Ahas Maliga Sinhala Tele Drama Videos - 19-04-2018


Pini Sinhala Tele Drama Videos - 19-04-2018