Top Stories

Sri Lanka Rabbit. Theme images by kelvinjay. Powered by Blogger.

එක්සත් ජාතික පක්ෂ පූර්ණ ප්‍රතිසංවිධානය සඳහා පත්කෙරුණු දේශපාලන මණ්ඩලය අද (19) රැස්වීමට නියමිතව ඇත. මෙම කමිටුව අද (19) රැස්වෙන්නේ ද...

Sinhala Teledrama

NEWS

GOSSIP

h

HEALTH & BEAUTY

LIFE STYLE

Sex Education

» » » එළවළු හා පලතුරු වගා කරන්න වවුනියාව ගොවීගේ විශාල උනන්දුවක්




වස විෂ නැති එළවළු හා පලතුරු වගා කිරීම සඳහා වවුනියාව දිස්ත්‍රික්කයේ ගොවීන් තුළ විශාල උනන්දුවක් ඇති බව වවුනියාව දිස්ත්‍රික් සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ වයි.යෝගේස්වරන් මහතා සඳහන් කරයි.

මීට වසර දෙකකට පෙර වවුනියාවේ ගොවීන් හතර දෙනෙකුගෙන් වස විෂ නොමැති එලවළු හා පලතුරු වගා කිරීම ආරම්භ කළද මේ වන විට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ගොවීන් 153 දෙනෙකු වගා කටයුතුවල නිරතව සිටින බව අධ්‍යක්ෂවරයා පවසයි.

මීට අමතරව වවුනියාවේ බෝගස්වැව ඇතුළු තවත් ප්‍රදේශ කිපයක පෞද්ගලික සමාගම් කීපයක් විසින් වස විෂ නොමැති එළවළු හා පලතුරු වගා කිරීමේ නිරතව සිටින බව පැවැසූ කෘෂිකර්ම සහකාර අධ්‍යක්ෂවරයා දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි ගොවීන්ගේ නිෂ්පාදන අලෙවි කරගැනීම සඳහා අලෙවි මධ්‍යස්ථාන කීපයක්ම පිහිටුවා ඇති බවද සඳහන් කළේය.

වස විෂ නොමැති එළවළු හා පලතුරු මිලදී ගැනීම සඳහා පාරිභෝගික ජනතාව දැඩි උනන්දුවක් දක්වන බවද ඔහු  වැඩිදුරටත් කියා සිටියේය. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply