අවශ්‍ය ද්‍රව්‍ය -
තක්කාලි ගෙඩි 2 / ලොකු ලූනු ගෙඩි 2 / අබ ඇට ස්වල්පයක් / සුදුරු ස්වල්පයක් / මිරිස් කුඩු ටිකක් / තෙල් ටිකක්ල / ලුණු රසට අනුව
සාදන ආකාරය -
තක්කාලි, ලොකු ලූනු සෝදා ලොකු කැබැලි වලට කපා ගන්න. දැන් තෙල් ටිකක් ලිප තබා රත්වන විට සූදුරු, අබ දමා එය බැදෙන විට තක්කාලි සහ ලොකුලූනු කැබැලි ද දමා කලවම් කර ගන්න. ලුණු, මිරිස් කුඩු එකතු කරන්න. දැන් ලිපෙන් බා බ්ලෙන්ඩරයක දමා අඹරා ගන්න. මෙය රතු පාටට හුරු උකු චට්නියකි.
No comments: