ඉන්ධන මිළ ඉදිරියේදී වැඩිවිය හැකි බවට ඉඟි පළවනවා.
ඊයේ (18) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටර්ඩ් වැඩසටහනේදී ඒ පිළිබද කෙරුණු ප‍්‍රශ්ණ කිරීමකට අමාත්‍ය රාජිත සේනාරත්න දැක්වූයේ මෙවන් ප‍්‍රතිචාරයක්.
"යම් වැඩිවීමක් අපි කළ යුතුයි. ඒක තමයි යතාර්ථය.. අපි අවුරුදු 03ක් ඉන්ධන මිල ස්ථාවරව පවත්වාගෙන ගියා.. කිසිම ආණ්ඩුවක් එහෙම කළේ නෑ.. පෙට්‍රල් රුපියල් 41කින්..ඩීසල් රුපියල් 25කින්..භූමිතෙල් රුපියල් 71කින්..ගෑස් රුපියල් 1300කින් අපි අඩු කළා. මේ වගේ මිල අඩු කරනකොට ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරල් එකක් මිල තිබුණේ ඩොලර් හතලිස් ගණනක..අද ඒක ඩොලර් හැත්තෑ ගාණකට ගිහිල්ලා..ඒ නිසා යම් පාඩුවක් අපි ලබනවා."
වත්මන් ආණ්ඩුවේ ඇති ලොකුම දුර්වලතාව පිළිබදවද අමාත්‍ය රාජිත සේනාරත්න මෙහිදී අනාවරණ කළා.
"ආණුඩුවක් මොනා දුන්නත් වැඩක් නෑ.. දුන්න එක කියන්න ඕනේ.. එතකොටයි මිනිස්සුන්ට මතක් වෙන්නේ..මහින්ද රාජපක්ෂ මැතිතුමා කළෙත් ඒකනේ. හම්බන්තොට වරාය හදනකොට නුවරත් පෝස්ටර් ගහනවා.. මේ ආණ්ඩුවේ තියෙන ලොකුම දුර්වලකම තමයි කරපු වැඩ ටිකවත් කියන්නෙ නැති එක. එහෙම කියන්නේ නැතිව... මේ ජාතික රජය යටතේ එක එකා කා ගත්තා මිසක් වෙන කරපු දෙයක් නෑ. "
ඊයේ (18) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටර්ඩ් මෙම වැඩසටහන පහතින් දැක්වෙයි.
No comments: